FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නව ලෝක වාර්‍තාවක් සමඟ ලක්මව රනින් සැරසූ අපේ යෝධයා රන්සිළු

FM Heart · 1 min read

The Heart Academy
අමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවැත්වෙන 2026 ලෝක සවි එසවීමේ (Powerlifting) ශූරතාවලියේදී නව ලෝක වාර්‍තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රබල ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් වී තිබෙනවා. ​මෙම ශූරතාවලියේදී තමන් සහභාගී වූ සියලුම තරග අංශවලින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔහු සමත් වීම විශේෂත්වයක්. ​ඒ අනුව, මෙම තරගාවලියේ සමස්ත ශූරතාව ද තමන් සතු කර ගැනීමට රන්සිළු ජයතිලකට හැකි වී තිබෙනවා. ​ජාත්‍යන්තර තරග බිමේදී ඔහු දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතාව මෙරට ක්‍රීඩා ඉතිහාසයට තවත් අභිමානවත් ජයග්‍රහණයක් එක් කරනු ඇති. .
99mobile