
ගංජා තොගයක් සමග සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට
FM Heart · 1 min read
තණමල්විල, හම්බෙගමුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී වියළි ගංජා කිලෝග්‍රෑම් 43යි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් සොයාගත් බවයි හම්බෙගමුව පොලීසිය පැවසුවේ. මෙම ගංජා තොගය වැටලීමකින් අත්අඩංගුවට ගත් ඒවා බවට සැකකාර සුරාබදු නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කර තිබුණ ද, පොලිසිය සිදුකළ විමර්‍ශනවලදී එවැනි කිසිදු වැටලීමක් හෝ නීත්‍යානුකූල නියෝගයක් නොමැති බවට අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. .

