FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මහවිරු සමරන්න උතුර සැරසේ... නගර සභාවටත් යෝජනාවක්...

FM Heart · 2 min read

The Heart Academy
මෙවරද යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කීපයක් හා උතුරේ ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් කොටි මහවිරු දිනය සැමරීමට කටයුතු සූදානම් කොට තිබේ. ඒ අනුව මුලතිව් හා කිළිනොච්චි ප්‍රදේශවල වැසියන් විශාල පිරිසක් මේ දිනවල එල්.ටී.ටී.ඊ. සොහොන් පිහිටි ප්‍රදේශවල කැලය සුද්ධ කරමින් නටබුන් බවට පත්ව තිබෙන එම සොහොන් එළිපෙහෙලි කිරීමට පටන් ගෙන තිබේ. මේ සඳහා ගම් මට්ටමින් ශ්‍රමදානද සංවිධානය කොට තිබේ. මෙම අවස්ථාවලට පැමිණි පිරිස් සොහොන් කොත් එළි පෙහෙළි කොට ආපසු යෑමට පෙර ඒවාට පහන් හා ඉටිපන්දම් දල්වා මියගිය පිරිස සමරන ආකාරයක් ද දැක ගැනීමට ලැබුණි. සෑම වසරකම කොටි මහවිරු දිනය උතුරු නැගෙනහිර වැසියන් විසින් සමරනු ලබන අතර එය රජයෙන් තහනම් ක්‍රියාවක් ලෙසද ප්‍රකාශයට පත් කොට තිබේ. උතුරේ ප්‍රධාන මහවිරු සැමරුම මෙවරද මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ ඉදිකොට ඇති විශේෂ මහවිරු ස්මාරකය ඉදිරිපිට දී පවත්වනු ලබයි. මහ විරු සමරුව සැමරීමට න්‍යාය පත්‍රයක් සකස් කිරීමට යෑමේදී යාපනය මහ නගර සභාවේ මන්ත්‍රීවරු කීප දෙනෙකුගෙන් දැඩි විරෝධයක් එල්ල වීමත් සමගම සභාවේ කටයුතු අතරමග නවතා දැමීමට සිදුව තිබේ. මේ අවස්ථාවේදී සභාවේ සිටි මන්ත්‍රීවරු හතර දෙනෙකුම කෑ කෝ ගසමින් සභාවෙන් පිටව ගොස් තිබේ. මහවිරු සමරුවට පෙර යාපනයේ කෝපායී ප්‍රදේශයෙන් ඉවත්කළ තිලීපන්ගේ ප්‍රතිමව සම්බන්ධයෙන් යාපනය මහ නගර සභාව ගන්නා පියවර ගැන මන්ත්‍රීවරු කීප දෙනකුම ප්‍රශ්නා කොට තිබේ. මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කොට මහ විරු දිනය සැමරෙන අන්දම ගැන න්‍යාය පත්‍රයක් සකස් කිරීමට උත්සහ කිරීම නිසා මුලින්ම සභාවේ උණුසුම්කාරී වාතාවරණයක් හට ගෙන තිබේ. පසුව තවත් ඊට පක්ෂව හා විපක්ෂව අදහස් ඉදිරිපත් වීමත් සමගම සභාවේ තත්ත්වය උණුසුම් වී විශල ගාලගෝට්ටියක් හට ගෙන තිබේ. කෙසේ වෙතත් යාපනය නගර සභාවද නොවැම්බර් 27 දා යාපනයේදී මහ විරු දිනය සැමරීමට අවශ්‍ය බවට සභාවෙන් පිටත කථිකාවක් ඇති කර ගෙන තිබේ.
99mobile