
මත්තල ගුවන්තොටුපල ආයෝජනයට සමාගම් 17ක් එයි..
FM Heart · 1 min read
වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කරන්නේ ගුවන්තොටුපළේ සංවර්‍ධන කටයුතු වෙනුවෙන් ඉදිරිපත්වූ සමාගම් අතරින් සමාගම් 17ක් මේ වන විටත් තෝරාගෙන අවසන් බවය. මත්තල ගුවන්තොටුපළ සංවර්‍ධනය කිරීම සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළ කරමින් දේශීය හා විදේශීය සමාගම් 19ක් විසින් අභිලාෂය පළකිරීමේ පත්‍ර ඉදිරිපත් කර තිබිණි. ඉන් සුදුසුකම් සපුරාලූ සමාගම් 17 වෙතින් ඉදිරියේදී විධිමත් ව්‍යාපෘති යෝජනා කැඳවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. එම යෝජනා විධිමත් ඇගයීමකට ලක් කිරීමෙන් අනතුරුව තෝරාගනු ලබන වඩාත්ම යෝග්‍ය සමාගම සමඟ එක්ව ඉදිරි මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතය. මෙහිදී ගුවන්තොටුපළේ පූර්‍ණ රාජ්‍ය හිමිකාරීත්වය අඛණ්ඩව සුරක්ෂිත වන පරිදි, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ආකෘතියක් යටතේ මත්තල ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු පැවරීම සිදු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මත්තල ගුවන්තොටුපළ ආරම්භ කළ දා සිට මේ දක්වා වාර්‍තා කර ඇති සමස්ත සමුච්චිත අලාභය රුපියල් බිලියන 60 (රුපියල් කෝටි 6,000) ඉක්මවන බවයි. තවද, මේ වන විට එම ගුවන්තොටුපළ තුළ සතියකට ක්‍රියාත්මක වන්නේ ගුවන් ගමන්වාර 11ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් පමණක් බවද ඔහු අනාවරණය කරයි.

