FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපි දක්‍ෂ ලෙස පාලනය කරමින් තෙල්, ගෑස් අඩුවට දෙන නිසා සමාගම් පහුබැහැලා තෙල් ගෑස් ගෙන්වීමත් අතහැරලා..- ජනපති

FM Heart · 2 min read

The Heart Academy
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, අතීතයේදී පෞද්ගලික සමාගම් මෙරට ඉන්ධන වෙළඳපොළට ඇතුළු වන අවස්ථාවේදී රාජ්‍ය අංශය පරාජය වනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කළ බවයි. පෞද්ගලික අංශය අඩු මිලට තෙල් ලබා දී තෙල් සංස්ථාව බිඳ දමනු ඇතැයි සිතා මිල තීරණය කිරීමේ අයිතිය ඔවුන්ට නොදී පාලනය කිරීමට නීති පවා පැනවූ නමුත්, අද වන විට එම තත්ත්වය සම්පූර්‍ණයෙන්ම කණපිට පෙරළී ඇති බව හෙතෙම සඳහන් කළේය. වර්‍තමානයේ පෞද්ගලික අංශයට වඩා අඩු මිලකට ඉන්ධන පාරිභෝගිකයාට ලබා දීමට තෙල් සංස්ථාව සමත්ව ඇති බවත්, ඒ අනුව මෙතෙක් 57%ක්ව පැවති ඩීසල් වෙළඳපොළේ තෙල් සංස්ථාවේ සමස්ත පංගුව 80% ඉක්මවා ඉහළ නංවා ගැනීමට හැකිවී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. මේ හේතුවෙන් රාජ්‍ය අංශය සමඟ මිලෙන් තරග කිරීමට නොහැකිව පෞද්ගලික සමාගම් තෙල් මෙරටට ගෙන ඒම පවා අත්හැර දමා ඇතැයිද ඔහු කීය. එමෙන්ම දේශීය ගෑස් වෙළඳපොළේ පවතින තත්ත්වය පිළිබඳවද පැහැදිලි කළ ජනාධිපතිවරයා, රජය සතු ලිට්‍රෝ ගෑස් සමාගම අඛණ්ඩව මෙන්ම පෞද්ගලික අංශයට වඩා අඩු මිලකට ගෑස් සැපයීමට සමත්ව ඇති බව පෙන්වා දුන්නේය. පෞද්ගලික සමාගමට අඩු මිලට හෝ අඛණ්ඩව ගෑස් සැපයීමට නොහැකි වී ඇති අතර, නිසි පරිදි ගෑස් සැපයීම පැහැර හැරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පවරා ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය. රාජ්‍ය ආයතන බිඳවැටෙනු ඇතැයි පැවති මතය වෙනස් කරමින්, නිසි කළමනාකරණය, ශක්තිමත් නායකත්වය සහ ක්‍රමවත් රාජ්‍ය මැදිහත්වීම තුළින් රාජ්‍ය ව්‍යවසායන් ලාභදායී මෙන්ම මහජන හිතෛෂී ලෙස පරිවර්‍තනය කිරීමට හැකි බව මෙමඟින් තහවුරු වී ඇතැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
99mobile