
වහ වැස්සට පාසල් නිවාඩු දී තිබියදී ගුරුවරුන් පිරිසක් ටියුෂන් පවත්වයි..
FM Heart · 1 min read
කොටගල නගරයේ එම ගුරුවරයාට විසින් පවත්වාගෙන යන භාහිර පන්තියට වට්සැප් තාක්ෂණය ඔස්සේ දෙමව්පියන්ට පණිවිඩ යවා ළමුන් පිරිසක් එම භාහිර පන්තියට කැදවා භාහිර පන්ති පවත්වමින් සිටියදී දිඹුල පතන පොලිසිය වෙත ලද තොරතුරක් මත දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලන්ත අඹේවර්ධන මහතා එම ස්ථානයට ගොස් පවතින අයහපත් කාළගුණය තත්වය පිලිබදව දැනුම් දී තිබියදී මෙවැනි ආකාරයට භාහිර පන්ති පැවැත්වීම සුදුසු නොවන බව පවසා එම ළමුන් පිරිස ආපසු නිවෙස් කරා යොමු කිරිමට පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන ඇත. එම භාහිර පන්තිය පැවැත්වූ ගුරුවරයාට සහ ගුරුවරියට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අවවාද කර එම ගුරුවරුන් දෙදෙනා මුදා හැර ඇත. මෙවැනිම ආකාරයට හැටන්, මස්කෙළිය යන නගරවලත් ඇතැම් ගුරුවරුන් විසින් (27) දින භාහිර පන්ති පවත්වන බවයි ප්රදේශවාසීන් කියා සිටියේ.

