FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

හෙට පාසල් අරිනවාද වහනවාද.. බලය විදුහල්පතිලාට..

FM Heart · 1 min read

The Heart Academy
කෙසේ වෙතත්, පවතින වර්‍ෂාධික කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දැඩි බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍යතාව පරිදි නිවාඩු ලබාදීම තීරණය කිරීමේ බලය පාසල් විදුහල්පතිවරුන් වෙත පවරා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ පූර්‍ව අනුමැතියට යටත්ව, ප්‍රාදේශීය ආපදා අවදානම සහ පවතින අයහපත් කාලගුණික සාධක සලකා බලා පාසල් පැවැත්වීම හෝ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් ස්වාධීනව තීන්දු ගැනීමේ හැකියාව විදුහල්පතිවරුන්ට හිමිවේ. ක්‍රියාත්මක වන සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව අනතුරු අඟවා ඇති පසුබිමක සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ. දිවයින ආශ්‍රිත වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්‍ග ජලයෙන් යටවීම, නායයෑම් අවදානම සහ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සුළු ගංවතුර මට්ටම් දක්වා ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, ආරක්ෂිත පියවරක් ලෙස අද (27) දින දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ පියවර ගත්තේය.
99mobile