FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

විදුලි කප්පාදුව අවසන්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අද දිනයෙන් අනතුරුව විදුලි සැපයුම සම්පූර්‍ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා, ඒ අනුව හෙට සිට දිවයින පුරා පාරිභෝගික ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරන බවද සඳහන් කළේය. ජාතික විදුලිබල පද්ධතියට බලශක්තිය සපයන ප්‍රධාන බලාගාරයක ජනන යන්ත්‍රයක හටගත් හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් උපරිම ඉල්ලුම පවතින රාත්‍රී කාලයේදී ජනන ධාරිතාව කළමනාකරණය කරගැනීමට බලධාරීන්ට සිදුවිය. ඒ අනුව, පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස පසුගිය 19 වැනිදා සිට අද (21) දක්වා වූ දින තුනක කාලසීමාව තුළ දිවයින ප්‍රධාන කලාපවලට බෙදා, පස්වරු 4:30 ත් රාත්‍රී කාලයත් අතර දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් ජාතික පද්ධති ක්‍රියාකරු වෙත අවසර ලබාදී තිබිණි. අක්‍රිය වූ ජනන පද්ධති යථා තත්ත්වයට පත්කර ජාතික විදුලිබල පද්ධතියට යළි එක් කිරීමට විදුලිබල ඉංජිනේරුවන් කඩිනමින් පියවර ගැනීමත් සමඟ, සැලසුම් කළ පරිදි අද දිනයෙන් පසු කිසිදු විදුලි කප්පාදුවකින් තොරව විදුලිබල සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබේ.

Google AdSense

In-Article Ad