
ත්රිකුණාමලයේ නවාතැන්පොළක හිමිකරුවෙකු ගෙල කපා ඝාතනය කෙරේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ත්රිකුණාමලය සිංහපුර ප්රදේශයේ නවාතැන්පොළක හිමිකරුවෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 55 හැවිරිදි වියේ පසුවූ බී.කේ. නිමල් කොස්ගොල්ල නැමැති අවිවාහක පුද්ගලයෙක්. සිද්ධිය වන අවස්ථාවේ අදාළ නවාතැන්පොළේ කිසිදු නවාතැන්කරුවෙකු සිට නොමැති අතර, මියගිය පුද්ගලයාගේ ගෙල බැඳි රන් මාලය ද අතුරුදහන්ව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. මළ සිරුර පිළිබඳ මහේස්ත්රාත් පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකිරීමට නියමිත අතර, අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ත්රිකුණාමලය රෝහල වෙත රැගෙන යාමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් ත්රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. .
Google AdSense
In-Article Ad

