
නව ත්රස්ත පනතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම ශ්රේෂ්ඨාධිකරණය විසින් ආරම්භ කර තිබෙනවා. අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 25 ක් පමණ ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. එම පෙත්සම්වලින් සඳහන් කර තිබෙන්නේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. එම වගන්ති සම්මත කිරීමට අවශ්ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. .
Google AdSense
In-Article Ad

