FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉරානයට එරෙහි යුද්ධයේ සම්පූර්‍ණ පිරිවැය හෙළි කරන්න – ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයින්ගෙන් පෙන්ටගනයට බලපෑම්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉරානයට එරෙහිව සිදු කෙරෙන හමුදා මෙහෙයුම් සඳහා වැය වන සම්පූර්‍ණ පිරිවැය වහාම හෙළි කරන ලෙස ඇමෙරිකානු ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයින් පස්දෙනෙකු පෙන්ටගනයෙන් ඉල්ලා සිටිනවා. ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම යුද්ධයේ සැබෑ පිරිවැය සඟවා තැබීමට දැරීමට උත්සාහ කිරීම කණගාටුදායක මෙන්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි සෙනෙට් සභික එලිසබෙත් වොරන් ඇතුළු පිරිස චෝදනා කරන්නේ. ඇමෙරිකානු මධ්‍යම බලකායේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ, ඉරාන ප්‍රහාර හමුවේ හානියට පත් ඇමෙරිකානු හමුදා කඳවුරුවලට සිදුවූ අලාභහාසි, ඒවා පිළිසකර කිරීමට ගතවන කාලය සහ විකල්ප පහසුකම් සඳහා වැයවූ මුදල් පිළිබඳ සම්පූර්‍ණ තොරතුරු ලබා දෙන ලෙසයි. සැප්තැම්බර් 03 වනදා දක්වා කාලය තුළ පමණක් මෙම යුද්ධය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 43.6ක මුදලක් වැයවී ඇති බවට හමුදාව ඇස්තමේන්තු කර තිබුණ ද, ඉරාන ප්‍රහාරවලින් හමුදා කඳවුරුවලට සිදුවූ හානිය ඊට ඇතුළත් කර නැහැ. ඇමෙරිකානු ජනතාවට මෙම අනවසර යුද්ධයේ සැබෑ පිරිවැය දැනගැනීමට අයිතියක් ඇති බවත්, එම අලාභහානි පිළිබඳ ඇස්තමේන්තු රහස්‍ය තොරතුරු ලෙස තබාගැනීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත් සෙනෙට් සභිකයින් වැඩිදුරටත් අවධාරණය කරනවා. .

Google AdSense

In-Article Ad