FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මාලිමාවේ සමාජ මාධ්‍ය බලය බිද වැටී ඇති බවට පාඨලීගෙන් ප්‍රකාශයක්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ජාතික ජන බලවේගයේ සමාජ මාධ්‍ය බලය මේ වන විට බිද වැටෙමින් ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. “දැන් අපි දැක්කා පහුගිය දින කිහිපය තුළ මේ රටේ මහා සංඝරත්නය, මේ අරහත් ධජයේ එහෙම නැත්නම් සිවුරේ අනන්‍යතාවය වෙනුවෙන් ඔවුන් විසින් ඉතාම අවිහිංසාවාදී ක්‍රියාදාමයක් දියත් කරලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා . අපි දැක්කා ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය . ඕකෙ ප්‍රතිචාරය තමයි පොලීසියත්, ඒ වගේම ඔහුගේ විමර්‍ශන අංශවලත්, ඒ වගේම ඔහුගේ පක්ෂ කාඩර්‍වලත් බලය පාවිච්චි කරලා, ඔහු එම උද්ඝෝෂණ, එම අවිහිංසාවාදී සත්‍යග්‍රහයන් මර්‍දනය පවත්වන්න, විසුරුවන්න, ඒ වගේම මේ කොළඹ නගරාධිපතිතුමිය යොදාගෙන අවසානයේ උදු පහසුකම් වැසිකිළි කැසිකිළි පවා වසා දමන තරම් මට්ටමකට අමනුෂ්‍ය තිරිසන් තත්ත්වයකට ඇදවැටිච්ච හැටි අපි දැක්කා . දැන් මේ රටේ මින් ඉදිරියට උද්ඝෝෂණ කරන්න පුළුවන් වෙන්නේ පැලවත්තේ අනුමැතිය ලැබුණොත් විතරයි . මේක ඉතාම භයානක ප්‍රවණතාවයක් බව අපි ප්‍රකාශ කරනවා . මට මතකයි ඔවුන් යහපාලන කාලේ විතරක් 2015-2019 මේ රටේ උද්ඝෝෂණ 560කට වැඩි ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණ කළා . ඒ කිසිම අවස්ථාවක මේ ආකාරයට පොලිස් බලය පාවිච්චි කරලා කටයුතු කළේ නෑ . මේකෙන් පේනවා අද අනුර කුමාර දිසානායක මහත්තයා පත්වෙලා තියෙන තත්ත්වය . ඒ වගේම මේ සමාජ මාධ්‍යවල හා-හා reaction දාලා, අනික් අයට කුණුහරප ලියලා, නිවන් සැප කියලා comment දාලා, තිත්ත කුණුහරපෙන් බැනලා, එහෙම තමයි ඔවුන්ගේ දේශපාලන ඒ bubble එක හැදිලා තිබුණේ . නමුත් ඊයේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ කතාවට ඉතිහාසයේ පෙර නොවූ විරූ හා-හා වර්‍ෂාවක් ආවා . මේකෙන් පේන්නේ අද සමාජ මාධ්‍යවලත් ඔවුන්ට අද bunker ඇතුළට රිංග ගන්න සිද්ධ වෙලා තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ .” .

Google AdSense

In-Article Ad