FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ධම්මික පෙරේරා පෙන්නා ලොකු වංචාවක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අන්තර්‍ජාලය සහ විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන මෙම විකෘති කරන ලද වීඩියෝ මඟින්, ධම්මික පෙරේරා මහතා ඇතැම් ආයෝජන යෝජනා ක්‍රම වෙනුවෙන් පෙනී සිටින බවට සාවද්‍ය මතයක් සමාජගත කිරීමට උත්සාහ දරා තිබේ. කෙසේ වෙතත්, අදාළ වීඩියෝ පට, ඒවා ප්‍රචාරය කෙරෙන කිසිදු මාධ්‍ය වේදිකාවක් හෝ එහි අඩංගු ප්‍රකාශ සමඟ සිය කිසිදු සම්බන්ධතාවක් නොමැති බව ඒ මහතාගේ කාර්‍යාලය ප්‍රකාශ කර සිටියි. මෙය මුළුමනින්ම මහජනතාව මුළා කර මූල්‍යමය වශයෙන් නොමඟ යැවීමේ අරමුණින් ඉතා සූක්ෂ්මව හා ද්වේෂසහගතව සිදුකරන වංචනික උත්සාහයක් බව අදාළ නිවේදනය මඟින් පෙන්වා දෙයි. එබැවින් මෙවැනි අන්තර්‍ගතයන් කිසිවක් නිරීක්ෂණය වුවහොත්, ඒ පිළිබඳව අදාළ සමාජ මාධ්‍ය ආයතන වෙත වාර්‍තා කරන ලෙසත්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත වහාම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසත් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Google AdSense

In-Article Ad