
කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සැකකරුවෙකු ගිනිඅවි දෙකක් සමග අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
වේදනා විඳ මියගිය කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයෙකු පොලිසිය සහ වනජීවි නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පරිසර අමාත්යංශය පැවසුවේ මීගලෑව ප්රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයා ඇහැටුවැව ප්රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුනතා සංවර්ධන නිලධාරියෙකු බවයි පැවසෙන්නේ. ඔහුගේ නිවසේ තිබී ශ්රී ලංකාවේ නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ උන්ඩ ද සොයාගෙන තිබෙනවා. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවි නිලධාරින් සමග එක්ව මෙහෙයුම සිදුකර ඇත්තේ වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයයි. අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද අවස්ථාවකදී ඇතකුට වෙඩි තබා ඇතැයි චෝදනා ඇතැයිද වාර්තා වුණා. .
Google AdSense
In-Article Ad

