
කිසිම අසනීපයක් නෑ - පැයකින් උන් වහන්සෙ පිටව ගියා - ජාතික රෝහල් අධ්යක්ෂ
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්යානයේදී පැවති සත්යග්රහය අතරතුර හටගත් නොසන්සුන්තාවකින් පසු රෝහල්ගත කෙරුණු පූජ්ය බලංගොඩ කස්සප හිමියන්, වෛද්යවරුන්ගේ උපදෙස් මත වැඩිදුර නිරීක්ෂණය සඳහා රැඳී සිටීම ප්රතික්ෂේප කරමින් රෝහලෙන් පිටව ගොස් තිබේ. මේ බව තහවුරු කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතා විසිනි. සිද්ධියෙන් අනතුරුව, එදින රාත්රී 8.30ට පමණ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට කස්සප හිමියන් ප්රතිකාර සඳහා පැමිණ ඇත. එහිදී වහාම ක්රියාත්මක වූ වෛද්යවරුන් උන්වහන්සේව පරීක්ෂාවට ලක් කර, අවශ්ය විකිරණ, අල්ට්රා සවුන්ඩ් මෙන්ම රුධිර පරීක්ෂණ ද සිදු කර තිබේ. ජාතික රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කළේ, එම කිසිදු පරීක්ෂණයකින් උන්වහන්සේගේ සිරුරේ කිසියම් හෝ වරදක් හෝ ආබාධයක් ඇති බවට තහවුරු වී නොතිබුණු බවයි. කෙසේ වෙතත්, තම හිසට පහරක් වැදුණු බවට කස්සප හිමියන් එහිදී ප්රකාශ කර තිබේ. ඒ හේතුවෙන්, හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වී පූර්ණ වෛද්ය නිරීක්ෂණයකට ලක්වන ලෙස අදාළ වෛද්යවරුන් උන්වහන්සේට දැනුම් දී ඇත. එහෙත් එම වෛද්ය උපදෙස ප්රතික්ෂේප කර ඇති කස්සප හිමියන්, තමන්ට තවදුරටත් ප්රතිකාර අනවශ්ය බව පවසමින් රෝහලට පැමිණ පැයකට පමණ පසු, එනම් රාත්රී 9.30ට පමණ ජාතික රෝහලෙන් බැහැරව ගොස් ඇත. කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර මහතාගේ ප්රකාශය, "අද දින පස්වරු 8.30ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ප්රතිකාර සඳහා පැමිණි බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ පැයකට පමණ පසු ප්රතිකාර තවදුරටත් අනවශ්ය බව දන්වා රෝහලින් බැහැරව ගොස් තිබෙනවා. ඒ වගේම උන්වහන්සේ පැමිණි කාරණාව සම්බන්ධව අදාළ වෛද්යවරු විසින් පරීක්ෂා කර බලා අදාළ විකිරණ පරීක්ෂණයන් අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයන්, ඒ වගේම උන්වහන්සේගේ ලේ පරීක්ෂාවන් සිදුකරලා බලලා තියෙනවා ඒවායේ කිසිදු වරදක් ඇති බවට ඒ අවස්ථාවේදී සලකුණු සටහන් වෙලා නෑ. ඒ වගේම උන්වහන්සේගේ හිසට පහර වැදුණු බවට පැවසීම නිසා වෛද්යවරු යෝජනා කරලා තිබුණා හදිසි අනතුරු වාට්ටුවකට ඇතුළත් වෙලා උන්වහන්සේව පූර්ණ ලෙස පරීක්ෂාවට, නිරීක්ෂණයට ලක් කරලා නිරීක්ෂණ වාට්ටුවක තබා ගැනීමේ අවශ්යතාව උන්වහන්සේට දැනුම්දීලා තිබුණා. නමුත් උන්වහන්සේ එම ප්රතිකාරයන් අවශ්ය නොවන බව පවසා පැයකට පමණ පසු රාත්රි 9.30ට පමණ ශ්රී ලංකා ජාතික රෝහලින් බැහැරව ගිය බවට වාර්තා වෙනවා."
Google AdSense
In-Article Ad

