FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මිය ගිය කාවන්තිස්ස ගැන රෝහලේ සිටන මහින්දගෙන් ශෝක පණිවුඩයක්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි. අප රටේ ඉතිහාසය පුරාවට ඇතුන් නියෝජනය නොවූ තැනක් නොමැත. මහාවංශයේ පිටු අතර මෙම මහා ප්‍රාණියා දැකගත හැත. සිරි දළදා මහා පෙරහැරේ, රාජාභිෂේකයේ, රණබිමේ ඇතා නොසිටි තැනක් නොමැත. රාජ්‍යත්වය නියෝජනය කළ කඩොල් ඇතු ඉතිහාසය තුළ රජෙකුට සම විය. බුදු දහම තුළ ඇතා බෝධිසත්වයෙක් විය. ඇත් පිය සටහන ගජගා වන්නම විය. අපගේ සංස්කෘතිය තුළ ඇතෙකු යනු ඉතිහාසය, ආගම, කලාව, ජනජීවිතය සමඟ මුසු වූ ජීවමාන සංකේතයකි. පිදුම් ලබන්නෙකි. මඟුල් ලකුණකි. රැකිය යුත්තෙකි. අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත, මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්..

Google AdSense

In-Article Ad