
හෘද සැත්කමට ප්රතිකාර ගන්න ගෝටා සිංගප්පූරු යන්න ඉල්ලයි!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව තමන්ට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ. සිංගප්පූරුවේදී සිදුකළ හෘද සැත්කමකින් අනතුරුව ලබාගත යුතුව ඇති අත්යවශ්ය පශ්චාත් ප්රතිකාර කටයුතු සඳහා විදේශගත වීමට අවශ්යව ඇති බවත්, ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කර දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරුන් මඟින් ඉදිරිපත් කළ අදාළ මෝසම් පත්රය මඟින් අධිකරණයෙන් ඉල්ලා ඇත. 2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මීට මාස හතරකට පමණ පෙර කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මෙම විදේශ ගමන් තහනම නියෝග කරන ලදී. එමෙන්ම, අදාළ ප්රහාරය සම්බන්ධයෙන් කෙරෙන පුළුල් පරීක්ෂණවල කොටසක් ලෙස හිටපු ජනාධිපතිවරයාට අමතරව යුද හමුදා කර්නල් මොහොමඩ් අන්සාර් සහ යුද හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරියකු වන ප්රේමානන්ද උදලාගම යන අයට ද විදේශ ගමන් තහනම් පැනවීමට කොටුව මහෙස්ත්රාත්වරයා මීට පෙර නියෝග කර තිබිණි.
Google AdSense
In-Article Ad

