
මහින්ද රාජපක්ෂ සම්න්ධයෙන් අල්ලස් කොමිසමෙන් විමර්ෂණයක්.. ඩොලර් මිලියන පහක අල්ලස් චෝදනා..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කොළඹ ගාලු මෝදර පිහිටි යුද හමුදා මූලස්ථානය සතු වටිනා ඉඩම හොංකොං මූලස්ථානය කරගත් 'ශැංග්රිලා' (Shangri-La) හෝටල් ජාලය වෙත පැවරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන පහක (එකල වටිනාකමින් රුපියල් කෝටි 100කට අධික) අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිවිල් සංවිධාන විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිලි සහ මීට පෙර පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් රැස්කර තිබූ සාක්ෂි ගොනු පදනම් කරගනිමින් මෙම පරීක්ෂණ ක්රියාත්මක වේ. මෙම අක්රමිකතාව පිළිබඳ තොරතුරු මුල්වරට අනාවරණය වී ඇත්තේ, එවකට රාජපක්ෂ පාලනයේ විදේශ කටයුතු පිළිබඳ අධීක්ෂණ මන්ත්රීවරයා ලෙස කටයුතු කළ සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද ප්රකාශ සහ සිංගප්පූරුවේ 'TPL Inter' සමාගමේ හිමිකරු වන චිදම්බරම් නමැති ව්යාපාරිකයා විසින් 2015 ඔක්තෝබර් 28 වැනිදා පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබා දුන් දිවුරුම් ප්රකාශයක් පදනම් කරගනිමිනි. එවකට FCID ප්රධානී විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවී වෛද්යාලංකාර මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් හමුවේ සිංගප්පූරුවේදී ලබා දී ඇති එම දිවුරුම් ප්රකාශය මඟින්, මෙම ගනුදෙනුවට අදාළව තැරැව්කාර මුදල් හා කොමිස් මුදල් සංසරණය වූ ආකාරය පිළිබඳ තොරතුරු සටහන් කරගෙන තිබිණි. අල්ලස් කොමිසම හමුවේ ඇති චෝදනාවලට අනුව, ශැංග්රිලා සමාගමෙන් ලබාගත් මෙම ඩොලර් මිලියන 5ක අල්ලස් මුදල මෙරට ප්රකට පෞද්ගලික මූල්ය ආයතනයක් ඔස්සේ මුදල් විශුද්ධිකරණයට ලක්කරමින් නීත්යනුකූල මුදල් ලෙස මෙරටට ගෙන්වා ඇත.
Google AdSense
In-Article Ad

