FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්‍ධන තවදුරටත් රිමාන්ඩ්

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්‍ධන මහත්මිය ලබන 23වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා’ ඒ කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් වන චෝදනා යටතේයි. සැකකාර ජානකී සිරිවර්‍ධන මහත්මිය මෙහිදී ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. එහෙත් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි නඩුව අද කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කියා සිටියේ. සැකකාර නාමල් රාජපක්ෂ මහතාගේ ඇප නියෝගය තවමත් සූදානම් නොමැති බවද ඔහුගේ ඇප නියෝගය ඊළඟ දින ප්‍රකාශයට පත් කරන බවද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පැවසුවා. ක්‍රිෂ් සමාගමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 70ක් අල්ලස් ලෙස ලබාදීම සහ අල්ලස් ලබා ගැනීම යන චෝදනා යටතේයි නාමල් රාජපක්ෂ මහතා සහ ජානකී සිරිවර්‍ධන මහත්මිය අත්අඩංගුවට ගනු ලැබ සිටින්නේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණා. .

Google AdSense

In-Article Ad