
කන්දෙ පන්සලේ බුදු පිලිමය ඉදිකිරීම තහනම් කරයි...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
1972 වර්ෂයේදී ආරම්භ කර ඇති මෙම විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ ඉදිකිරීමේ කටයුතු මීට මාසයකට පමණ පෙර ආරම්භ කර තිබේ. ප්රදේශයේ දානපති ව්යාපාරිකයකුගේ මූලික දායකත්වය මත දායක දායිකාවන්ගේ ආධාර සහ ශ්රම දායකත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බව විහාරාධිපති හිමියෝ සඳහන් කරති.එහෙත් බුදු පිළිම වහන්සේ ඉදිකිරීම සඳහා අත්තිවාරම සහ ආසනය සකස් කිරීමේ කටයුතු අවසන් වූ පසු කන්තලේ වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් පැමිණ ඉදිකිරීම් නතර කරන ලෙස දැනුම් දුන් බව උන්වහන්සේ පවසති. විහාරස්ථානය සම්බන්ධයෙන් පවතින ඉඩම් ගැටලුවද මෙම තත්ත්වයට බලපා ඇති බව පෙන්වා දෙන ඥානරතන හිමියෝ, දැනට තමන් වහන්සේලා සතුව ඇත්තේ බුද්ධ ශාසන අමාත්යාංශයෙන් නිකුත් කර ඇති බලපත්රයක් පමණක් බව පවසති. පසුගිය රජය සමයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් අක්කර හතරහමාරක පමණ භූමි ප්රමාණයක් මැන වෙන් කර දී තිබුණද, ඒ සඳහා මෙතෙක් ඔප්පුවක් ලබාදී නොමැති බවද උන්වහන්සේ සඳහන් කරති. මේ පිළිබඳව කන්තලේ ප්රාදේශීය ලේකම්වරිය දැනුවත් කර ඇති අතර, ඇය ඒ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බවද උන්වහන්සේ පැවසූහ. මේ අතර, බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම් නතර කිරීම සම්බන්ධයෙන් කන්තලේ අඩවි වන ආරක්ෂක නිලධාරී සමරකෝන් ගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ, කන්තලේ රක්ෂිතය 1902 වර්ෂයේදී ගැසට් මගින් ප්රකාශයට පත් කර ඇති ප්රදේශයක් බවයි. මේ වන විට එම ප්රදේශය තුළ ජනතාව පදිංචිව සිටින අතර ආගමික ස්ථානද ඉදිකර ඇති බව ඔහු පැවසීය.කෙසේ වෙතත්, අලුතින් බුදු පිළිමයක් ඉදිකිරීමේ කටයුතු නතර කිරීමට පියවර ගත්තේ මහජනතාවගෙන් පැමිණිල්ලක් ලැබීමට පෙර ගත් ක්රියාමාර්ගයක් ලෙස බව අඩවි වන ආරක්ෂක නිලධාරීවරයා සඳහන් කළේය. විහාරස්ථානය සඳහා නීත්යානුකූල බලපත්රයක් ලබාගෙන ඉදිකිරීම් ආරම්භ කරන ලෙස විහාරාධිපති හිමියන් දැනුවත් කළ බවද ඔහු පැවසීය. 2020 වර්ෂයේදීද විහාරස්ථානය සඳහා නීත්යානුකූල බලපත්රයක් ලබාගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති නමුත්, මේ දක්වා අදාළ භූමිය සඳහා නීත්යානුකූල බලපත්රයක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

