FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හෂීෂ් තොගයක් සමග තායිලන්ත රියදුරන් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

රුපියල් පන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිලධාරීන් විසින්. සැකකරුවන් තායිලන්තයේ බැංකොක් නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් රැගෙන ආ ගමන්මලු තුනක රූපලාවන්‍ය ආලේපන අඩංගු බදුන් තුළ , සූක්ෂම ලෙස අසුරා , තිබියදි එම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. එහි තිබී සොයාගෙන ඇති ” හෂීෂ්” මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 05කට අධිකයි. සැකකාර විදෙස් රියදුරන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. .

Google AdSense

In-Article Ad