
අලුත් ක්රිකට් කමිටුව ක්රීඩකයන්ගේ ෆිට්නස් අතහැරලා..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
වත්මන් ක්රිකට් කමිටුව විසින් ක්රීඩකයන්ගේ ශාරීරික යෝග්යතාව සම්පූර්ණයෙන්ම නොසලකා හැර කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වය මෙරට ක්රිකට් ක්රීඩාවේ පසුබෑමට ප්රධාන හේතුවක් වී ඇති බවත් හිටපු ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර මහතා පවසයි. හිරු නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදාත්මක වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්යවරයා, තමන් ක්රීඩා අමාත්ය ධුරය දැරූ සමයේ කණ්ඩායමට ක්රීඩකයින් තෝරාගැනීමේදී ශාරීරික යෝග්යතාව අනිවාර්ය සුදුසුකමක් ලෙස ක්රියාත්මක කළ නමුත් නව කමිටුව පත්වීමෙන් පසු එම ප්රමිතිය ඉවත් කර ඇති බව පෙන්වා දුන්නේය. ක්රිකට් ක්රීඩාවේ සාර්ථකත්වයට ශාරීරික යෝග්යතාව අත්යවශ්ය සාධකයක් බවත්, එය නොමැතිව ජාත්යන්තර මට්ටමේ ජයග්රහණ අත්කර ගත නොහැකි බවත් හෙතෙම අවධාරණය කළේය. එමෙන්ම දිස්ත්රික් මට්ටමේ ක්රිකට් ව්යුහය අඩපණ කරමින් අවුරුදු 15න් පහළ තරගාවලිය අතරතුර පවා සුදුසුකම්ලත් දේශීය පුහුණුකරුවන් 35කට අධික පිරිසක් හිටිහැටියේ ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු අනාවරණය කළේය. රංගන හේරත් සහ ධම්මික ප්රසාද් වැනි ලෝක මට්ටමේ දක්ෂතා දැක්වූ දේශීය ප්රවීණ ක්රීඩකයින්ගේ සේවය පුහුණු කිරීම් සඳහා නිසි පරිදි ලබා නොගෙන, විශාල වියදමක් දරමින් විදෙස් පුහුණුකරුවන් ගෙන්වීමට කටයුතු කිරීම ගැටලු සහගත බවද ඒ මහතා සඳහන් කළේය. මීට අමතරව, මෙරට ක්රිකට් ක්ෂේත්රය තුළ යම් ආගමික කල්ලිවල බලපෑම් පැවති බවට පුහුණුකරුවන් කිහිපදෙනෙකු තමන් වෙත කරුණු හෙළි කළ බවත්, එවැනි බලපෑම් සහ අකාර්යක්ෂම පරිපාලන තීන්දු හේතුවෙන් ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් දයාසිරි ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

