
කෘෂිකර්‍ම ගැටළුවලට සාධනීය පිලිතුරු ලබා දුන්නා..- මාලිමා මන්ත්‍රී
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
රන්ජිත් විජේරත්න මහතා ඒ බැව් කියා සිටියේ, (13) දින නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්‍ම සංවර්‍ධන කමිටු රැස්වීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ ආශ්චර්‍ය ශාලාවේදි පැවති අවස්ථාවේදිය. මෙහිදි අදහස් දැක්වූ පාර්‍ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් විජේරත්න මහතා කියා සිටියේ, “නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කෘෂිකර්‍ම සංවර්‍ධන කමිටුව රැස්වුනා. කෘෂිකර්‍ම, ඉඩම්, වාරිමාර්‍ග, පශු සම්පත්, මහවැලි අමාත්‍යාංශයට අදාළ සියලුම රාජ්‍ය ආයතනවල නිළධාරින්, ගොවි සංවිධානවල සාමාජිකයන් මේ සියලු දෙනාම එකතු වෙලා දිස්ත්‍රික්කයට අදාළ ගැටළු රාශියක් (13) දින සාකච්ඡා කලා. මං හිතන්නේ ඉතාම ඵලදායි සාකච්ඡාවක් වුණා. ඒ වාගේම බොහොමයක් ගැටවවලට සාධනීය පිළිතුරු සපයා ගන්න පුළුවන් වුනා. විශේෂයෙන් අර්‍තාපල් ප්‍රශ්නය සම්බන්ධයෙන් මං හිතන්නේ අපි හොද ඵලදායී සාකච්ඡාවක් කලා. ඒ වගේම බීජ බෝංචි නිෂ්පාදනය සම්බන්ධයෙන් ඒ බීජ බෝංචි ගොවීන්ගේ ගැටළුවක් තිබුණා. ඒ නිශ්පාදන සදහා යම් මිලක් හම්බවෙන්නේ නැහැයි කියන එක. මතුරට සහ මන්දාරම් නුවර ප්‍රදේශයේ තමයි බෝංචි නිෂ්පාදන සදහා ප්‍රසිද්ධියක් උසුලන්නේ. ඒ වගේම විශේෂයෙන් බීජ බෝංචි නිෂ්පාදනය ගොවින්ට ගැටළුවක් තිබුණා ඔවුන්ගේ බීජ බෝංචි සාධාරණ මිලකට විකුණා ගන්න නොහැකි තත්වයක් තිබුණා. ඒ නිසා එක පැත්තකින් ගත්තහම ඒ බීජ බෝංචි ගොවියා අසරණ තාවයකට පත් වෙලා හිටියා වගේම, ඒ බීජ බෝංචි අරගෙන නිෂ්පාදන කටයුතු කරන බදුල්ල ප්‍රදේශයේ ගොවීන්ට අතිමහත් මිලක් වියදම් කරලා තමයි බෝංචි බීජ මිලදී ගන්න සිද්ධ වෙලා තිබුනේ. ඒ නිසා (13) දින රජය මැදිහත් වෙලා කෘෂිකර්‍ම දෙපාර්‍තමේන්තුව මැදිහත් වෙලා, මේ මිල සදහා යම් නියාමනයක් කරන්න, ඒ අනුව ගොවියාට බීජ බෝංචි නිෂ්පාදකයාට යම් සාධාරණ මිලක් ලැබෙනවා වගේම, නැවත බෝංචි වගා කරන ගොවියන්ටත්, සාධාරණ මිලකට බෝංචි සපයා ගැනීම සදහා යම් විධිමත් යාන්ත්‍රණයක් (13) දින අප සාකච්ඡා කළා. ඒ නිසා මං හිතනවා (13) දින පැවති කෘෂිකර්‍ම සංවර්‍ධන කමිටුව ඉතාම ඵලදායි සාකච්ඡාවක් කරලා ගොවීන්ගේ ඇත්ත මහපොළවේ තියන ප්‍රශ්න විසදා ගැනීම සදහා සාධනීය පිලිතුරු සපයපු සාකච්ඡාවක් බවට පත් වුණයි කියලා.” යනුවෙන් පැවසීය. මෙම අවස්ථාවට කෘෂිකර්‍ම, ඉඩම්, වාරිමාර්‍ග, පශු සම්පත්, මහවැලි අමාත්‍යාංශයට අදාළ සියලුම රාජ්‍ය ආයතනවල නිළධාරින්, ගොවි සංවිධානවල සාමාජිකයන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
Google AdSense
In-Article Ad

