FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව රාජ්‍ය-පුද්ගලික හවුල් ව්‍යාපාරයක් බවට..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත. 1968 වසරේදී ස්ථාපිත කරන ලද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, මෙරට පාසල් පෙළපොත්, රජයේ නිල ප්‍රකාශන මෙන්ම රාජ්‍ය ආයතනවල විවිධ ලේඛන මුද්‍රණය කිරීමෙහිලා ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලෙස කටයුතු කරනු ලබයි. මෑත වසරවලදී එම සංස්ථාව අඛණ්ඩව මූල්‍යමය ලාභ වාර්‍තා කිරීමට සමත්ව තිබුණද, එහි පවතින යන්ත්‍රෝපකරණ දිරාපත්වීම සහ මුද්‍රණ තාක්ෂණය යල්පැන යාම හේතුවෙන් නිෂ්පාදන කාර්‍යක්ෂමතාව මෙන්ම වෙළෙඳපොළ පිරිවැය තරගකාරිත්වය සම්බන්ධයෙන්ද ආයතනය දැඩි අභියෝගයකට මුහුණ දී සිටියි. එම තත්ත්වය හමුවේ සංස්ථාවේ දිගුකාලීන ස්ථාවරත්වය තහවුරු කරනු වස්, එහි ව්‍යාපාරික ආකෘතිය හා තාක්ෂණික හැකියාවන් කඩිනමින් ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ හවුල්කාරිත්ව රාමුවක් ඔස්සේ මෙම විවිධාංගීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය.

Google AdSense

In-Article Ad