FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සජබ ආණ්ඩුවක් යටතේ සම්බුදු සසුනට මුල් තැන… බුදු සසුන රකින්න කැබිනට් අමාත්‍යංශයක්… සෙසු ආගම් සඳහා රාජ්‍ය අමාත්‍යංශ…! – සජිත් ප්‍රේමදාස…

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබා දීම සමගි ජන බලවේගයේ මූලික ප්‍රතිපත්තිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. එමෙන්ම ඉදිරි රජයක් යටතේ බුද්ධ ශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් ලෙසත් සෙසු ආගම්, සංස්කෘතීන් හා ජාතීන්ගේ අනන්‍යතාව සුරැකීම උදෙසා වෙන් වෙන්ව රාජ්‍ය අමාත්‍යාංශ පිහිටුවීමටත් කටයුතු කරන බවද සඳහන් කරයි. “එක රටක් තුළ සියලුම ජාතීන් එකමුතුව ජීවත් විය යුතුයි. එහිදී ආගමික නායකයන්ට මෙන්ම චීවරයට ද හිමි මුල් තැන ලබා දිය යුතු වෙනවා. චීවරය කේන්ද්‍ර කරගනිමින් ඉස්මතු වී ඇති වත්මන් ගැටලු ප්‍රමාදයකින් තොරව නිරාකරණය විය යුතුයි. යාවත්කාලීන නොවූ රෙගුලාසි ඇත්නම් ඒවා යාවත්කාලීන කරමින් චීවරයට නිසි ගෞරවය ලබා දීම අත්‍යවශ්‍යයි. එමෙන්ම චීවරය දරන ගෞරවනීය ස්වාමීන්වහන්සේලා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ පූර්‍ණ බලය උන්වහන්සේලා අයත් අදාළ සංඝ සභාවලට හිමි විය යුතු අතර මෙම ප්‍රතිපත්තිය සෙසු ආගම් සඳහාද වලංගු වෙනවා. මේ දිනවල මහා සංඝරත්නය අතර භේදබින්නතා ඇති කිරීමට විවිධ කණ්ඩායම් උත්සාහ දරනවා. සංඝභේදය යනු ආනන්තරීය පාපකර්‍මයක්. එවැනි පාපකර්‍ම සිදුකරන කිසිවෙකුට සුගතියක් අත් වන්නේ නැහැ. එම නිසා සියලුම පාර්‍ශ්ව, සියලුම නිකායන් සහ සංඝ සභා එකට එකතු වී එකම ප්‍රතිපත්තියක් තුළ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කළ යුතුයි.” කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්‍ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී අග්ග මහා පණ්ඩිත පූජ්‍ය ආචාර්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් හමුවී ආශිර්‍වාද ලබා ගැනීමෙන් අනතුරුව පැවැති සුහද සාකච්ඡාව අතරතුර විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

Google AdSense

In-Article Ad