FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාකිස්තානයත් ගිනියම්.. පළාතකට හදිසි නීතිය.. ඉම්‍රාන් ඛාන්ගේ පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරයා අත්අඩංගුවට...

FM Heart · 4 min read

Google AdSense

After Featured Image

පාකිස්තානයේ වයඹදිග ඛයිබර් පක්තුන්ක්වා පළාත තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. ප්‍රකාශයට පත් කරන ලද මෙම හදිසි තත්ත්වයත් සමග, සිරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්‍රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් 'පාකිස්තාන් තෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ්' පක්ෂය විසින් මෙහෙයවනු ලැබූ පළාත් ආණ්ඩුවේ බලතල අත්හිටුවීමට ලක්ව ඇත. අග්‍රාමාත්‍ය ශෙහ්බාස් ෂරීෆ්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද නිර්‍දේශයන්ට ජනාධිපති අසීෆ් අලි සර්‍දාරි අනුමැතිය ලබාදුන් බව ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමක් ඔස්සේ නිවේදනය කර තිබිණි. ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වලින් පළාත් පාලන අධිකාරිය හිතාමතාම බැහැරව කටයුතු කිරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අවධානය යොමුවූ බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. හදිසි අවස්ථාවකදී පළාත් පාලන කටයුතු මධ්‍යම රජය යටතට පවරා ගැනීමට පාකිස්තාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩකඩ සලසා දී ඇතත්, ඉදිරියේදී පළාතේ පරිපාලන ව්‍යුහය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නොමැත. හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඛයිබර් පක්තුන්ක්වා ප්‍රධාන අමාත්‍ය සොහයිල් අෆ්‍රිඩි සහ එම පළාතේ PTI පක්ෂ සභාපතිවරයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව එම පක්ෂයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී ජුනයිඩ් අක්බාර් තහවුරු කළේය. වසර තුනකට වැඩි කාලයක් සිරගතව සිටියද මෙරට ජනතාව අතර තවමත් ඉහළ ජනප්‍රියත්වයක් රඳවාගෙන සිටින ඉම්‍රාන් ඛාන් වහා නිදහස් කරන ලෙස බලකරමින් PTI පක්ෂය ඉස්ලාමාබාද් අගනුවර වෙත දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කරමින් සිටි පසුබිමක ආණ්ඩුව මෙම තීරණය ගෙන ඇත. මීට පෙර සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මෙම පාගමන, රජය සමග සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ඔක්තෝබර් 04 වනදා දක්වා කල්දමා තිබිණි. කෙසේවෙතත්, විරෝධතාකරුවන්ට අගනුවරට ඇතුළු වීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ රජය, ප්‍රධාන පිවිසුම් මාර්‍ග කන්ටේනර් රඳවනයන් යොදා අවහිර කරමින් සති ගණනාවක සිට දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබුණි. මේ අතර, හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමේ මෙම ක්‍රියාමාර්‍ගය හේතුවෙන් රට තුළ තවදුරටත් ලේ වැගිරීම් සහ දැඩි දේශපාලන අස්ථාවරත්වයක් නිර්‍මාණය වනු ඇති බවට PTI පක්ෂයේ ප්‍රකාශක සුල්ෆිකාර් බුහාරි අනතුරු අඟවා සිටි බව 'රොයිටර්' පුවත් සේවය වාර්‍තා කරයි. අර්‍බුදය සමථයකට පත්කර ගැනීම සඳහා සාකච්ඡා මාර්‍ගය විවෘතව පැවතියද, රජයට කිසිවිටෙකත් එවැනි සාකච්ඡාමය විසඳුමකට එළඹීමේ සැබෑ උවමනාවක් නොතිබූ බව මෙම තීරණයෙන් මනාව පැහැදිලි වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. Emergency Rule Imposed in Khyber Pakhtunkhwa Amid Political Turmoil Authorities in Pakistan's Khyber Pakhtunkhwa province have swiftly enacted emergency laws in response to escalating political tensions. The declaration comes as the provincial government led by the Pakistan Tehreek-e-Insaf (PTI) party, under the leadership of imprisoned former Prime Minister Imran Khan, faces significant power curtailment. The federal cabinet meeting chaired by Prime Minister Shehbaz Sharif has seen recommendations approved by President Arif Alvi, as conveyed through a statement on the President's social media account. Special attention was drawn to the need for the provincial administration to take decisive action against terrorism, as specified in a released statement from the Prime Minister’s office. While the Pakistani Constitution allows for provincial governance to be transferred to the central government in emergencies, the specifics of how local administration will proceed remain unclear. Confirmation has emerged from PTI parliamentary member Junaid Akbar that both the Chief Minister of Khyber Pakhtunkhwa, Mahmood Khan, and the provincial PTI president have been detained by security forces following the imposition of emergency rule. Despite being incarcerated for over three years, Imran Khan maintains considerable popularity among the public. The PTI has been mobilizing massive protests in Islamabad, demanding his immediate release, amidst this turbulent governmental backdrop. Previously scheduled for September 27, the planned protest was postponed until October 4 in hopes of engaging in dialogue with the government. However, the administration has barred protesters from entering the capital, deploying extensive security measures that have included blocking major access routes with containers for several weeks. The introduction of emergency regulations raises concerns of further bloodshed and political volatility within the country, as warned by PTI spokesperson Sulfikaar Bhuhari in a statement reported by Reuters. He cautioned that while avenues for dialogue ostensibly remain open, the recent decision suggests a lack of genuine desire on the government's part to reach a negotiated resolution. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad