FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉතිහාසයේ විශාලම වංචාව ගල් අගුරු වංචාවයි.. බිලියන 18යි..

FM Heart · 2 min read

The Heart Academy
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ , පසුගිය ඔක්තෝබර් 07 වන දින පාර්‍ලිමේන්තුවේ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ කාරක සභාවට අදාළ නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද නිල වාර්‍තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි . බාල ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් සිදුව ඇති අලාභය පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය . " බාල ගල්අඟුරු ගෙන ඒම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මුලදී එය පිළිගත්තේ නැහැ . නමුත් දැන් අමාත්‍යාංශ වාර්‍තාවෙන්ම ඒ බව තහවුරු කර තිබෙනවා . ගුණාත්මක බවින් අඩු ගල්අඟුරු විශාල ප්‍රමාණයක් දහනය කිරීමට සිදුවීම නිසා පමණක් රුපියල් බිලියන 7 ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා . එමෙන්ම අළු ඉවත් කිරීමේ ගැටලු නිසා රුපියල් මිලියන 80 ක පමණ පාඩුවක් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 13 ක් වැයවී තිබෙනවා . බලශක්ති උත්පාදනය අඩාල වීම හේතුවෙන් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට වෙනත් බාහිර ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගැනීමට සිදුවීම නිසා වැය වූ මුදල රුපියල් බිලියන 8,572 ක් . ඒ අනුව එම පාඩුව පමණක් රුපියල් බිලියන 15.7 ක් වෙනවා . මීට අමතරව ගල්අඟුරු නැව් පැමිණීම ප්‍රමාද වීම නිසා තවත් රුපියල් බිලියන 2.284 ක පාඩුවක් වාර්‍තා වී තිබෙනවා ." ඒ අනුව , මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් සිදුව ඇති සමස්ත මූල්‍ය පාඩුව රුපියල් බිලියන 17,965 ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 18 ක් පමණ වන බවත් , මෙය ලංකා ඉතිහාසයේ ලියැවෙන බරපතළම හා අතිශය නින්දිත වංචාව ලෙස ඉතිහාසයට එක්වන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය .
99mobile