
ලංකාව ඒඩ්ස්වලින් කප් ගහන්න යන රටවල් අතරට...
FM Heart · 4 min read
Google AdSense
After Featured Image
එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි. 2022 වසරට සාපේක්ෂව 2025 වසර දක්වා කාලයේදී ලෝකයේ එහි වර්‍ධනය සියයට 20ක් යැයිද සඳහන්‍ය. ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ආමේනියාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොංගො, කොස්ත්‍රිකා, ඊජිප්තුව, කිගරිස්ථානය, මැඩගස්කරය, නයිජීරියාව, පාකිස්ථානය, පැරගුවේ, පේරු, පිලිපීනය, සෙංගාලය, ශ්‍රී ලංකා, සූඩාන්, ටියුනීසා, වෙනිසියුලියා, යේමන යන රටවල් මීට ඇතුළත්ව ඇත. 2010 වසරට සාපේක්ෂව 2024 වන විට ලෝකයේ ඒඩ්ස් රෝගීන් වාර්‍තාවීම සියයට 40කින් පහළ ගොස් තිබුණත් එම කාල සීමාවේදී ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන් හමුවීම 48%කින් ඉහළ ගොස් ඇතැයිද ජාතික ඒඩ්ස් මර්‍දන ඒකකය සඳහන් කරයි. 2023 වසරේ සිට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් එච්අයිවී ඒඩ්ස් වයිරසය ආසාදිතවූවන් වැඩි වශයෙන් හමුවී ඇතැයිද එම ඒකකය කියයි. 2025 වසරේ පළමු මාස නවය තුළ පමණක් එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන් 639ක් මෙරටින් හමු වී ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 6ක ඉහළ යාමකි. දැනට ඇති වාර්‍තාවලට අනුව එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන් 4900-6500ත් අතර පිරිසක් සිටින බවද වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්‍දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් සඳහන් කළේ කාන්තාවන්ට වඩා පිරිමින් වැඩිපුර එච්අයිවී ඒඩ්ස් රෝගයට ගොදුරු වන බවත් ඊට හේතුව මත්ද්‍රව්‍ය ලබාගැනීමේ දී ඉන්ජෙක්ෂන් ආදිය භාවිතය ඊට හේතුවදැයි සැක පහළ වන බවයි. ඉකුත් 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කයේ අය අතර රෝගය හඳුනාගැනීම හා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම දිස්ත්‍රික් දෙකෙහි ජංගම සායනද ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් දුරකථන අංක 071 6379192 මගින් ජංගම සායන පිළිබඳ තොරතුරු ලබාගත හැක. - ශිරාන් රණසිංහ Sri Lanka Among Top Countries with Rising HIV/AIDS Cases Sri Lanka has been identified as one of the twenty-one nations projected to experience a significant increase in HIV/AIDS cases by 2025, ranking tenth globally, according to a report from the United Nations' AIDS program. By the year 2025, the global increase in HIV/AIDS is expected to rise by twenty percent compared to 2022. The list of countries experiencing this trend includes Afghanistan, Algeria, Armenia, Bangladesh, Brazil, Congo, Costa Rica, Egypt, Kyrgyzstan, Madagascar, Nigeria, Pakistan, Paraguay, Peru, the Philippines, Senegal, Sri Lanka, Sudan, Tunisia, Venezuela, and Yemen. While global reports indicate a decrease of forty percent in AIDS cases since 2010 by 2024, Sri Lanka has reported a concerning 48% rise in the number of HIV-positive cases during the same period, as noted by the National Anti-AIDS Unit. Since 2023, the districts of Gampaha and Colombo have seen a higher occurrence of individuals infected with the HIV/AIDS virus. In just the first nine months of 2025, a total of 639 individuals living with HIV/AIDS have been identified in Sri Lanka, reflecting a six percent increase compared to the previous year. Current estimates suggest that the number of individuals living with HIV/AIDS in the country ranges between 4,900 and 6,500, according to medical professionals. Dr. Sathya Herath, a specialist in the National Sexually Transmitted Diseases and AIDS Control Program, highlighted that men are more likely to contract HIV/AIDS than women, attributing this trend to the practice of using injections during drug acquisition. As cases are expected to rise further in 2025 compared to 2024, mobile clinics have been launched in the Gampaha and Colombo districts to enhance early detection and control of the disease. For more information regarding mobile clinics, individuals can contact the dedicated hotline at 071 6379192. - Shiran Ranasinghe *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

