FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අලුත් පනතින් ජලභීතිකාව වැඩිවෙයිලු...

FM Heart · 2 min read

The Heart Academy
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, 1970 දශකයේදී වසරකට 350ක් පමණ වූ මෙරට මිනිස් ජලභීතිකා මරණ සංඛ්‍යාව පසුගිය වසර වන විට 14ක් දක්වා සීඝ්‍රයෙන් පහත හෙළීමට හැකිවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන විධිමත් සුනඛ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා බවයි. දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 362ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පුහුණු එන්නත්කරුවන් මඟින් මෙම එන්නත්කරණ කටයුතු සිදුකෙරේ. ඒ හරහා දැනටමත් සියයට 60කට ආසන්න එන්නත් ආවරණයක් ලබාගෙන ඇති අතර, නුදුරේදීම සියයට 70ක ඉලක්කය සපුරා ගැනීමට ද අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, යෝජිත නව පනත මඟින් සුනඛ එන්නත්කරණය පශු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ පමණක් සිදු කළ යුතු බවට ඇතුළත් කර ඇති වගන්තිය කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. රජයේ සේවයේ නියුතු පශු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉතා සීමිත වීමත්, ඔවුන්ගේ ප්‍රමුඛ කාර්‍යභාරය ගොවිපළ සතුන් සහ පශු සම්පත් ක්ෂේත්‍රය වෙත යොමුව තිබීමත් හමුවේ, සුනඛ එන්නත්කරණයට සෘජුව අධීක්ෂණය සැපයීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව එම සංගමය පවසයි. මීට පෙර 2017 වසරේදී මෙම එන්නත්කරණ වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්‍තමේන්තුවට පැවරූ අවස්ථාවේදී, සියයට 60කට ඉහළින් පැවති එන්නත් ආවරණය වසරක් ඇතුළත සියයට 6ක් දක්වා ලෙස කඩා වැටුණු බව ද සංගමය සිහිපත් කරයි. පසුව ඇතිවීමට ගිය මහා ව්‍යසනය වළක්වා ගනිමින් එය යළිත් සෞඛ්‍ය දෙපාර්‍තමේන්තුව යටතට පවරා ගැනීමට රජයට සිදු වූ බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පවා මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය හරහාම මෙහෙයවිය යුතු බවට නිර්‍දේශ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. එමෙන්ම, ජලභීතිකාව වැළඳී ඇතැයි සැකකෙරෙන හෝ ජනතාවට තර්‍ජනයක් වන පරිදි ආක්‍රමණශීලීව හැසිරෙන සුනඛයන් ඉවත් කිරීමට පොලිසිය සතුව පැවති බලතල නව පනතින් ඉවත් කර තිබීම මහජන ආරක්ෂාවට දැඩි තර්‍ජනයක් බව ද පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෙම අහිතකර වගන්ති වහා සංශෝධනය කර දැනට පවතින සාර්‍ථක මහජන සෞඛ්‍ය යාන්ත්‍රණය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
99mobile