FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි නිදහසට කරුණු කියයි... ගල් අඟුරු වංචාව ගැන විමර්‍ශනවලින් පක්ෂ බේදයකින් තොරව හසුවෙන ලකුණු!

FM Heart · 1 min read

The Heart Academy
රටේ බලශක්ති ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වූ ගල්අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනු හා අක්‍රමිකතා පිළිබඳ සිදුකෙරෙන විමර්‍ශනවල තීරණාත්මක පියවරක් තබමින්, හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (23) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. ගල්අඟුරු ගනුදෙනුවලට අදාළව නිකුත් කෙරුණු නොතීසියකට අනුව, නීතිඥවරයකු ද කැටුව පැමිණි හිටපු අමාත්‍යවරයා කොමිෂන් සභාව හමුවේ තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කළ බව වාර්‍තා වේ. කොමිෂන් සභා අභ්‍යන්තර ආරංචි මාර්‍ගවලට අනුව, අදාළ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් තමන්ගේ පාර්‍ශ්වයේ පැහැදිලි කිරීම් රැසක් ඔහු විසින් මෙහිදී සිදුකර ඇත. ගල්අඟුරු ආනයනය හා බෙදාහැරීමේදී සිදු වූ බව කියන මහා පරිමාණ චෝදනා විමර්‍ශනය කිරීම සඳහා කොමිෂන් සභාව විසින් මීට පෙර අදාළ ආයතනවල හා පරිපාලන අංශවල ප්‍රධානීන් 18 දෙනෙකු වෙත නොතීසි නිකුත් කර තිබුණි. නොතීසි ලැබූ ප්‍රධානීන් ගණන: 18 දෙනෙකි. ඉන් දෙදෙනෙකු පමණක් කරුණු ඉදිරිපත් කිරීමට තවත් අමතර කාලයක් ඉල්ලා ඇති බව කොමිෂන් සභාව සඳහන් කරයි. ගල්අඟුරු ගනුදෙනුවලදී සිදුවී ඇති අලාභහානි, නීතිමය පටිපාටි උල්ලංඝනය කිරීම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව විසින් දීර්‍ඝ ලෙස සාක්ෂි විමසමින් පවතී. මෙම විමර්‍ශන අවසානයේ නිකුත් කෙරෙන පූර්‍ණ වාර්‍තාව මගින් අදාළ සිදුවීමට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව ඉදිරි නීතිමය ක්‍රියාමාර්‍ග ගැනීමට නියමිතය.
99mobile