FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ෆේස්බුක් ගිණුම් රැසක් පසුපස පොලිසිය පන්නයි..

FM Heart · 2 min read

The Heart Academy
මෙම අර්‍බුදකාරී තත්ත්වය කෙරෙහි රජයේ දැඩි අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතිවාදී හා ආගම්වාදී වෛරය ව්‍යාප්ත කරන ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් මෙරටින් බැහැරව විදේශයන්හි සිට මෙහෙයවනු ලබන බව සඳහන් කළේය. එවැනි ක්‍රියාවන්හි නිරත පුද්ගලයන් පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීම සඳහා අදාළ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාල මාර්‍ගයෙන් විශේෂ රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක වැඩපිළිවෙළක් දැනටමත් අරඹා ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය. එමෙන්ම, මෙලෙස වෛරී ප්‍රකාශ පතුරුවන ඇතැම් පුද්ගලයන් ඇතැම් දේශපාලනඥයන්ගේ සෘජු උසිගැන්වීම් සහ අනුග්‍රහය මත මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වන බවට පොලිසිය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය වසර දහයක කාලසීමාව තුළ වෛරී ප්‍රකාශ පැතිරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව සහ ත්‍රස්ත විමර්‍ශන කොට්ඨාසය වෙත පැමිණිලි 6ක් ලැබී ඒ පිළිබඳ විමර්‍ශන පවත්වා ඇති බව ද ඒ මහතා සිහිපත් කළේය. ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය පරිශීලනය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, මෙරට මෙන්ම විදෙස්ගතව සිටින ඇතැම් කණ්ඩායම් ජනකොටස් අතර ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් ඇවිලවීම සඳහා සංවිධානාත්මකව මෙවැනි ව්‍යාජ ගිණුම් සකස් කරමින් සිටින බව අමාත්‍ය විජේපාල මහතා පෙන්වා දුන්නේය. මෙවැනි සිදුවීම් විමර්‍ශනය කිරීමේදී නිල පැමිණිලි නොලැබීම, විදේශ රටවල සිට ක්‍රියාත්මක වීම සහ පවතින නීතිමය රාමුවේ සීමාවන් වැනි ප්‍රායෝගික බාධා රැසකට මුහුණ දීමට විමර්‍ශන නිලධාරීන්ට සිදුව ඇති බව ද ඔහු පැවසීය. කෙසේ වෙතත්, කුමන බාධා පැවතිය ද අදාළ ව්‍යාජ ගිණුම් සහ පිටු පිටුපස සිටින සැබෑ පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොලිසිය අඛණ්ඩව දැඩි ක්‍රියාමාර්‍ග ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
99mobile