
පාසල් වසා දමන්නේ චක්‍රලේක අනුවයි..- අධ්‍යාපන ලේකම්
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
The Daily Morning පුවත්පත මේ පිළිබඳව කළ විමසීමකදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කර ඇත්තේ, සිසුන්ගේ සංඛ්‍යාව අඩුවීම සහ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් නොවීම වැනි විවිධ හේතූන් මත පාසල් වැසී යාමට අදාළ ප්‍රතිපාදන ව්‍යුහාත්මක චක්‍රලේඛවල අන්තර්‍ගත වන බවයි. “සාමාන්‍යයෙන් සෑම වසරකම පාසල් වැසී යාම සිදුවෙනවා. ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම සහ පාසල්වලට ළමුන් ඇතුළත් නොවීම වැනි හේතු මත පළාත් මට්ටමින් අදාළ ව්‍යුහාත්මක චක්‍රලේඛ ප්‍රකාරව මෙය සිදුවන දෙයක්. පාසලක් වසා දැමිය යුතු අවස්ථාවක අනුගමනය කළ යුතු ක්‍රමවේදය එම චක්‍රලේඛයේ පැහැදිලිව දක්වා තිබෙනවා. යම් පාසලක් වසා දමා ඇත්නම්, එය සිදුව ඇත්තේ එම නියමිත ක්‍රියාපටිපාටියට අනුකූලවයි. මෙය අලුත් තත්ත්වයක් නොවන අතර අතීතයේ සිටම සිදුවූ සාමාන්‍ය දෙයක්,” යැයි ලේකම්වරයා පැහැදිලි කර ඇත. ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වන විට 10,290ක්ව පැවති සමස්ත පාසල් සංඛ්‍යාව මේ වන විට 10,050ක් දක්වා පහත වැටී ඇති බවට ලංකා ගුරු සංගමය කළ ප්‍රකාශයකින් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරයා මෙම අදහස් පළ කර තිබේ. ජාතික හා පළාත් පාසල් දෙවර්‍ගයම ඇතුළත්ව මේ වන විට පාසල් 240කින් අඩුවී ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත්, අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ, පාසල් වසා දැමීම සම්බන්ධ ප්‍රතිපාදන මීට පෙර ව්‍යුහාත්මක කමිටු චක්‍රලේඛවල ඇතුළත්ව නොතිබූ බවත්, එම ප්‍රතිපාදන ඇතුළත් කරනු ලැබුවේ පසුගිය වසරේදී වත්මන් රජය යටතේ බවත්‍ය. අතීතයේදී ප්‍රතිපත්තිමය තීරණ මත නොව අත්‍යවශ්‍යම වූ හේතු මත පමණක් ඉතා කලාතුරකින් පාසල් වැසී ගිය නමුත්, වර්‍තමානයේදී වේගවත් අනුපාතයකින් පාසල් වැසී යාමේ ප්‍රවණතාවක් මතුව තිබීම බරපතළ ගැටලුවක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.
Google AdSense
In-Article Ad

