FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බන්දුලගෙත් ටිකට් ඇදෙයි.. ප්‍රශ්ණ කරන්න කැදවයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම දැනුම්දීමට අනුව තමන් හෙට පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව හිටපු අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්‍ධන මහතා තහවුරු කළේය. සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි නවයක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කර සියයට 59.5ක ප්‍රතිලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළ විමර්‍ශනයක් සඳහා ඒ මහතා මෙලෙස කැඳවා ඇතැයි වාර්‍තා වේ. එම මූල්‍ය ආයෝජනයට අදාළව 2007 වර්‍ෂයේදී ආචාර්‍ය බන්දුල ගුණවර්‍ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී කරුණු විමසීමට නියමිත බව ද වැඩිදුරටත් දැනගන්නට ඇත.

Google AdSense

In-Article Ad