FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තැන තැන ඉන්ධන පෝලිම්..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලෝක වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට අලෙවි කිරීමෙන් තමන්ට පාඩු සිදුවන බව පවසමින්, පෞද්ගලික ඉන්ධන අලෙවි සමාගම් විසින් ඩීසල් අලෙවිය දැඩි ලෙස සීමා කිරීම මීට ප්‍රධාන හේතුවක් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඩීසල් ලබාගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වෙත විශාල වශයෙන් වාහන පැමිණීම මෙම තදබදය නිර්‍මාණය වීමට බලපා ඇත. මීට අමතරව, මාසය අවසාන දිනයේදී සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයේදී මෙවර මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් පාරිභෝගිකයන් වැඩිපුර ඉන්ධන ලබාගැනීමට උත්සාහ දැරීම ද මෙම පෝලිම් ඇතිවීමට තවත් හේතුවක් වී තිබේ. මේ අතර, ඉදිරියේදී මිල ඉහළ යන බව දැනගෙන ඇතැම් පිරවුම්හල් හිමියන් ද ඉන්ධන අලෙවිය සීමා කිරීමට පියවර ගෙන ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

Google AdSense

In-Article Ad