FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මා ගයන ගී ඕනෑම අයෙකුට නොමිලේ ගයන්න කියන්න මට බෑ..- රූකාන්ත

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රූකාන්ත ගුණතිලක මහතා පෙන්වා දුන්නේ, ගීතයක් නිර්‍මාණය කිරීමේදී එහි මූලික තනුව සහ සංකල්පය මුලින්ම ගායනා කර පටිගත කරන්නේ එම සංගීත නිර්‍මාණකරුවා විසින්ම බවයි. එබැවින් ගීතයක පූර්‍ණ අයිතිය එහි සංගීතඥයාට සහ ගීත රචකයාට හිමිවන බව හෙතෙම සඳහන් කළේය. "සුවඳ දැනී" වැනි ජනප්‍රිය නිර්‍මාණයක් උදාහරණයකට ගනිමින් ඔහු කියා සිටියේ, එම ගීතය ඕනෑම අයෙකුට නොමිලේ ගායනා කිරීමට අවසර දීමට තමන්ට නොහැකි බවයි. ඊට හේතුව එම නිර්‍මාණයේ සැබෑ අයිතිය එහි සංගීත නිර්‍මාණකරුවා මෙන්ම අභාවප්‍රාප්ත අජන්තා රණසිංහ සූරීන්ගේ දරු මුනුබුරන් සතු වීම බව ඔහු පැහැදිලි කළේය. එසේම තමන් නිර්‍මාණය කළ ගීතයක් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය තමන් සතු වුවද, වෙනත් අයෙකුගේ නිර්‍මාණයක් වෙනුවෙන් එවැනි ප්‍රකාශ සිදු කිරීමට කිසිදු ගායකයෙකුට හැකියාවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය. කලාකරුවන් මහන්සියෙන් සිදුකරන නිර්‍මාණ වෙනුවෙන් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට විය යුතු බවත්, මෙරට බුද්ධිමත් රසික ප්‍රජාව මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයකින් කටයුතු කළ යුතු බවත් හෙතෙම ඉල්ලා සිටියේය. තවද, විදෙස් රටවලින් මෙරට කලා ක්ෂේත්‍රයට සහ රටට ආදායමක් ගලා එන්නේ නම් එය රටේ ආර්‍ථිකයට මෙන්ම රජයේ බදු ආදායමටද ධනාත්මක දායකත්වයක් සපයන බැවින්, සියලු දෙනා එක්ව මෙවැනි ක්‍රමවේද ශක්තිමත් කිරීමට අත්වැල් බැඳගත යුතු බවද රූකාන්ත ගුණතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad