FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල් හිරේ ඉදන් දෙන උපදෙස් අනුව අපි පොහොට්ටුව සංවිධානය කරනවා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පූර්‍ණ විශ්වාසය පවතින බව සඳහන් කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, නොබෝ දිනකින් නාමල් රාජපක්ෂ මහතාට ඇප හිමිවනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව ද සඳහන් කළේය. නාමල් රාජපක්ෂ මහතා සිරගත වීමත් සමඟ නායකත්වයේ අඩුවක් පවතින්නේදැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. "නායකත්වයේ අඩුවක් නෑ. නාමල් රාජපක්ෂ මැතිතුමා තමයි නායකත්වය දෙන්නේ. එතුමාගේ උපදෙස් පරිදි තමයි අපි මේ කටයුතු කරගෙන යන්නේ. අපි සියලු දෙනා එකතු වෙලා අදාළ සැලසුම් එකින් එක ක්‍රියාත්මක කරනවා. එතුමා නායකත්වයේ සිටිමින් දෙන උපදෙස් මත අපි ඉදිරි කටයුතු සාර්‍ථකව කරගෙන යනවා." ආණ්ඩුවෙන් සමාව අයැදීමට කිසියම් සූදානමක් පවතින්නේදැයි විමසූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ, තම පාර්‍ශ්වය කිසිවිටෙකත් කිසිවෙකු ඉදිරියේ වැඳ වැටී හෝ කෙඳිරිගා නොමැති බවයි. කිසිදු වරදක් කර නොමැති පසුබිමක කිසිවෙකුගෙන් සමාව ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඒ මහතා, සමාජ මාධ්‍ය ජාලාවල රේටිං වැඩි කරගැනීමේ අරමුණින් ඇතැම් පිරිස් ප්‍රශ්න අසමින් කරදර කරන බවත්, වැඩ කටයුතු අධික අවස්ථාවලදී එවැනි සිදුවීම් හමුවේ තමන්ට ද ඇතැම් විට සීමාව ඉක්මවා ප්‍රකාශ නිකුත් වන බවත් පැවසීය. මේ අතර, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව සංවිධානය කිරීමට සූදානම් වන ඒකාබද්ධ විරෝධතාවට තම පාර්‍ශ්වයට ආරාධනා ලැබී නොමැති බව සඳහන් කළ ප්‍රසන්න රණවීර මහතා, පොදු විපක්ෂයක් ලෙස ඒකරාශී වීමට ආරාධනයක් ලැබුණහොත් ඕනෑම අවස්ථාවක ඊට සහයෝගය දැක්වීමට සූදානම් බව වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad