FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හෙට පාර්‍ලිමේන්තුවේදී බලය පෙන්වීමට අගමැතිනිය සැරසේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්‍ලිමේන්තු විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පෙන්වා දුන්නේ, මෙරට බහුතර ජනතාව දශක ගණනාවක් පුරා පීඩාවට පත්වූයේ නීතියේ ආධිපත්‍යය සහ සාධාරණත්වය අහිමි වීම නිසා බවයි. යුක්තිය සහ නීතියේ පිහිට හිමිවන්නේ ධනවතුන්ට සහ දේශපාලන බලය හිමි පුද්ගලයන්ට පමණක්‍ය යන මතය ජනතාව තුළ තහවුරු වී තිබූ එම අඳුරු අතීතය වත්මන් රජය විසින් නිමා කරමින් සිටින බවද ඇය අවධාරණය කළාය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර ගිය ද, තම කණ්ඩායම සතුව කිසිදු පෞද්ගලික න්‍යායපත්‍රයක් නොමැති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, රට වෙනුවෙන් වූ එම සාමූහික අරමුණ අබමල් රේණුවක තරම්වත් සෙලවී නොමැති බව පැවසුවාය. ඒ අනුව, හෙට පස්වරු 7.00 පමණ වන විට මෙම රට පරිවර්‍තනය කිරීම සඳහා වූ ආණ්ඩුවේ සාමූහික ශක්තිය සහ ස්ථාවරත්වය පාර්‍ලිමේන්තුව හමුවේ යළිත් වරක් ප්‍රදර්‍ශනය කෙරෙනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Google AdSense

In-Article Ad