FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

BOC ආරක්ෂක පද්ධති බිද වැටීමකද..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම නිවේදනය මඟින් ලංකා බැංකුව අවධාරණය කරන්නේ, අදාළ ගනුදෙනු කිසිසේත්ම සිය බැංකු පද්ධතිවල හෝ ඩිජිටල් බැංකු යෙදුම්වල (Digital Banking Apps) කිසිදු ආරක්ෂක බිඳවැටීමක්, අනවසර ප්‍රවේශයක් හෝ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදු වූ ඒවා නොවන බවයි. අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා අවශ්‍ය අන්තර්‍ජාල බැංකුකරණ පිවිසුම් තොරතුරු සහ ලියාපදිංචි දුරකථන අංක වෙත ලැබෙන එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP) නිසි පරිදි භාවිත කරමින් එම ගනුදෙනු සත්‍යාපනය කර ඇති බව ද බැංකුව පෙන්වා දෙයි. මේ හේතුවෙන් තම බැංකු ගනුදෙනු සුරක්ෂිතව සිදු කර ගැනීම සඳහා පහත සඳහන් ආරක්ෂක උපදෙස් අනිවාර්‍යයෙන්ම පිළිපදින ලෙස ලංකා බැංකුව සියලුම ගනුදෙනුකරුවන්ගෙන් යළිත් ඉල්ලා සිටී: යම් හෙයකින් සැක සහිත පණිවිඩයක් ලැබුණහොත් හෝ තම බැංකු තොරතුරු අනවසර පාර්‍ශ්වයක් විසින් ලබාගෙන ඇතැයි සැකයක් මතුවුවහොත්, වහාම ලංකා බැංකුවේ නිල සන්නිවේදන මාර්‍ග ඔස්සේ බැංකුව අමතන ලෙස ද දැනුම් දෙයි. එසේම නිවැරදි හා විශ්වාසනීය තොරතුරු සඳහා සැමවිටම ලංකා බැංකුවේ නිල සන්නිවේදන මාර්‍ග ඔස්සේ නිකුත් කෙරෙන නිවේදන පමණක් විශ්වාස කරන ලෙස බැංකුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Google AdSense

In-Article Ad