FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මන්ත්‍රීගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ නිලධාරියාට මන්ත්‍රී පහර දෙයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පහරකෑමට ලක් වූ විදුලිබල මණ්ඩල සේවකයා තුවාල ලබා හලාවත මහ රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වන විට එහි ප්‍රතිකාර ලබමින් පසුවේ. පොලිස් විමර්‍ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පදිංචිව සිටින නිවසේ විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර තිබීම හේතුවෙන් එහි විදුලි සැපයුම විසන්ධි කිරීම සඳහා හලාවත විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙකු ඊයේ දහවල් එම නිවස වෙත ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී විදුලිය විසන්ධි කිරීමට පැමිණි බව දැනුම් දීමත් සමඟ මන්ත්‍රීවරයා සහ විදුලිබල මණ්ඩල නිලධාරියා අතර උණුසුම් බහින්බස් වීමක් සිදුව තිබේ. අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් එම නිලධාරියාට පහරදී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදම්පේ, පැරණි නගරයේ පදිංචි 28 හැවිරිදි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. මන්ත්‍රීවරයා හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Google AdSense

In-Article Ad