
පොලිසියට වෙට්ටු දැමූ මහින්ද, ගෝඨා ගැන අධිකරණ තීන්දුවේ විස්තර මෙන්න
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල වෙනුවෙන් පොලිසියේ රාජකාරි අනිසි ලෙස යොදා ගත් නිලධාරීන් තිදෙනෙකුට නීති විරෝධී ලෙස උසස් වීම් ලබා දීමෙන් මානව හිමිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි. සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීම සඳහා ජ්‍යේෂ්ඨත්වය අනුව 146 වෙනි ස්ථානයේ සිටි වයි. බී. ක්‍රිෂාන්ත, 326 වෙනි ස්ථානයේ සිටි එස්. ගුණතිලක සහ 401 වෙනි ස්ථානයේ සිටි ප්‍රශන්ත පෙරේරා හට දේශපාලන බලය යොදා ගනිමින් කැබිනට් තීන්දුවකින් උසස්වීම් ලබා දී තිබිණි. එයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 33ක් විභාග කිරීමෙන් පසුව ලබා දුන් තීන්දුව පිළිබඳව මාධ්‍යවේදී තරිඳු ජයවර්‍ධන ඉදිරිපත් කළ සම්පූර්‍ණ විස්තර සහිත වීඩියෝව පහත දැක්වේ.
Google AdSense
In-Article Ad

