
පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ: 15 දෙනෙකුට වසර 200 ක සිරදඬුවම් - 9 දෙනෙකු නිදහස්
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
September 22 (Citizen News) - 2019 අගෝස්තු 21 වන දින සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ගොනුකර තිබූ ප්‍රධාන නඩුවේ (Trial-at-Bar) ඓතිහාසික අවසන් තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කර ඇත. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී. එල්ල වී තිබූ චෝදනාවලට වරදකරුවන් වූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 කට ආසන්න සිරදඬුවම් නියම වූ අතර, ඔවුන්ගේ සියලු දේපළ රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කළේය. චෝදනාවලින් නිදහස් වූ විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරු මඬුල්ල පියවර ගත්තේය. නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ මෙම නඩුව සඳහා පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබා දෙනු ලැබීය. නඩු විභාගය අතරතුර රිමාන්ඩ් බන්ධනාගාරයේදී මියයාම නිසා නඩු විභාගය විත්තිකරුවන් 24 දෙනෙකුට සීමා විය. විත්තිකරුවන්ගේ නාමලේඛනය වරදකරුවන් වූ විත්තිකරුවන් (15 දෙනා): මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් නවුෆර් මවුලවි මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් අබු හාදික් හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් හෙවත් අබු සිල්ලා මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමාර් මොහොමඩ් ඉබ්‍රාහිම් අබ්දුල් හක් හෙවත් අබු ෆලා මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් හෙවත් අබු තාරික් මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනාස්දීන් හෙවත් අබු මිසාන් අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිරිදවුස් මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාරික් අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි හෙවත් සාෆි මවුලවි හුසේනුල් රිස්වි මොහොමඩ් කාහිර් සමීර් මොහොමඩ් හනීෆා සයිනුල් ආබ්දීන් හෙවත් අබු හිනා මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් හෙවත් අබු නන්ජියාර් රාසික් රාසා හුසේන් කච්චි මොහොමඩ් ජස්මින් නිදොස් කොට නිදහස් වූ විත්තිකරුවන් (9 දෙනා): මොහොමඩ් සහීර් මොහොමඩ් හසන් හෙවත් අබු ඩාවුඩ් මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් හෙවත් අබු රෂීඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් සයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම් මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් මීරා සාහිබ් මොහොමඩ් නෆ්ලි හෙවත් අබු සනා මොහොමඩ් අමීර් මොහොමඩ් අයාතුල්ලා මොහොමඩ් අන්සාර්‍දීන් මොහොමඩ් ඉල්මි මොහොමඩ් අක්‍රම් අහක්කම්
Google AdSense
In-Article Ad

