
ඉන්ධන මිල සංශෝධනයට අවධානය යොමු වෙලා තියෙන්නෙ...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ වන විට ගෝලීය වෙළෙඳපොළ තුළ ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක, එම මිල ඉහළ යාමේ සැබෑ බර සාමාන්‍ය ජනතාව මත නොපැටවෙන අයුරින් සහන සැලසීමට රජය සාකච්ඡා කරමින් පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය. ඒ අනුව, මහා භාණ්ඩාගාරය සතු මුදල්වලින් කොටසක් යොදවා ඉහළ යන ඉන්ධන මිල වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමට රජය ඉදිරියේදී පියවර ගන්නා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
Google AdSense
In-Article Ad

