
මහ බැංකුවෙන් ආයතන හයක වත්කම් අත්හිටුවයි.. කසාගලත් ඒ අතර..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්‍තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් මුදල් ව්‍යාපාර පනතේ 44 වන වගන්තියට අනුව මෙම නියෝග නිකුත් කර ඇති අතර, කොළඹ මහාධිකරණය විසින් ද එම වත්කම් අත්හිටුවීමේ නියෝග තහවුරු කර දීර්‍ඝ කර තිබේ. මෙසේ වත්කම් අත්හිටුවීමට ලක්ව ඇති සමාගම් 6 පහත පරිදි වේ. මෙහි සඳහන් මුල් සමාගම් දෙක සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනතේ 42 වන වගන්තිය යටතේ මේ වන විට විමර්‍ශන ක්‍රියාත්මක වන අතර, සෙසු සමාගම් 4 මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මහජන තැන්පතු භාරගැනීම සහ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බවට මහ බැංකුව විසින් දැනටමත් තහවුරු කරගෙන ඇත. තමන් මහන්සියෙන් උපයාගත් මුදල් තැන්පත් කළ යුත්තේ නීත්‍යනුකූලව බලයලත් මූල්‍ය ආයතනවල පමණක් බවත්, අනවසර ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් එම මුදල් සම්පූර්‍ණයෙන්ම අහිමිවීමේ බරපතළ අවදානමක් පවතින බවත් මහ බැංකුව මහජනතාවට දැඩි ලෙස අවධාරණය කරයි. 1988 අංක 30 දරන බැංකු පනත හෝ මුදල් ව්‍යාපාර පනත යටතේ මහ බැංකුවේ නිසි බලපත්‍රයක් හිමි ආයතනවලට පමණක් මහජනයාගෙන් තැන්පතු භාරගැනීමට නීතිමය අවසරය හිමිවන බව පෙන්වා දෙන මහ බැංකුව, එවැනි බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස තැන්පතු භාරගන්නා පුද්ගලයන් හෝ ආයතන පිළිබඳව තොරතුරු වෙතොත් ඒ පිළිබඳව වහාම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දෙන ලෙසද මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Google AdSense
In-Article Ad

