FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 සම්මත වහාම රට තුල දැවැන්ත පරිවර්‍තන රැල්ලක් කරනවා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

විපක්ෂයේ විරෝධතා උපහාසයට ලක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමටත් පෙරම විපක්ෂය සිය විරෝධතාවල දින ප්‍රකාශයට පත් කළ බවයි.ඒ තුළින්ම මේ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ඔවුන් කලින්ම දැන සිටි බව පැහැදිලි වන බවද ඔහු පෙන්වා දුන්නේය. පාර්‍ලිමේන්තුව තුළ විපක්ෂය සිදුකිරීමට නියමිත හැසිරීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. "දැන් මේ සංශෝධනය සම්මත වෙනවා. ඒ අය හන්දිවල මොනවා හරි කරයි. ඊට පස්සේ පාර්‍ලිමේන්තුව ඇතුළේ කෑගහයි, සභා ගර්‍භය මැද වාඩිවෙයි, සෙංකෝලය උස්සගෙන යන්න දඟලයි. ඔහොම දඟලලා දඟලලා අන්තිමට මේක තුනෙන් දෙකෙන් සම්මත වෙනවා. පහුවදා ඉඳන් ඒ අයට කරන්න කිසි දෙයක් නෑ." වත්මන් ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ නිකරුණේ නොවන බව අවධාරණය කළ අමාත්‍ය ලාල් කාන්ත මහතා, මෙය සම්මත කර ගැනීමෙන් අනතුරුව රට ඉදිරියට ගෙන යාම සඳහා වන ගැඹුරු පරිවර්‍තනයන් රැසක් එක දිගටම ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad