
පාස්කු නඩුවේ චූදිතයන් 15ක් වරදකරුවන් කෙරේ.. 09ක් නිදොස් කොර නිදහස්...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
නඩුවේ සෙසු විත්තිකරුවන් 9 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රධාන පෙළේ සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැත්විණි. වසර පහකට ආසන්න කාලයක් පුරා පැවති දීර්‍ඝ නඩු විභාගය පසුගිය අගෝස්තු 24 වන දින අවසන් කෙරුණු අතර, අද දින මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
Google AdSense
In-Article Ad

