FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අනෝජන් සෞදියේ මරණ දඬුවමින් බේරගන්න ජනපති අතට ගනී.. රාජතාන්ත්‍රික ඉල්ලිමක්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මෙහිදී සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ ඔහුගේ දෙමාපියෝ, සිය පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ. ඔවුන්ගේ ඉල්ලීමට සාවධානව සවන් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, සිවරාසා අනෝජන් මහතාට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් නෛතිකව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බවත් සඳහන් කළේය. විශේෂයෙන්, සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබා දෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයද සිවරාසා අනෝජන් මහතා සම්බන්ධ සිද්ධිය පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය මගින් අඛණ්ඩව අවධානය යොමු කරමින්, සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්‍ග ඔස්සේ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය. ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ සිවරාසා අනෝජන් මහතාගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්‍ග පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්විණි. මෙහිදී සිවරාසා අනෝජන් මහතා සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්‍ග සහ ඉදිරියේදී ගත හැකි රාජ්‍යතාන්ත්‍රික සහ නීතිමය පියවර පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර අදාළ තරුණයා බේරා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්‍ග කඩිනම් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම, මෙම කරුණ සම්බන්ධයෙන් සෞදි අරාබියේ අදාළ බලධාරීන් සමඟ අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදු කරමින්, ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අඛණ්ඩ කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සම්බන්ධයෙන් රජය දක්වන අවධානය තවදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්‍ග පිළිබඳව අදාළ අමාත්‍යාංශ සහ ආයතන අතර සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්‍ෂල් සම්පත් තුයියකොන්තා, නීතිපති පාරින්ද රණසිංහ යන මහත්ම මහත්මීහු සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Google AdSense

In-Article Ad