
දොස්තරලාට තව දීමනා ඉල්ලයි.. එය ජාතික ආයෝජනයක්ලු..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම සංගමයේ ලේකම් වෛද්‍ය යු. කේ. බී. වරකාගොඩ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ, මෙම වෘත්තීය ගැටලුව නොසලකා හැරීම හරහා විශේෂඥ වෛද්‍යවරුන් මෙරට රඳවා ගැනීම බරපතළ අර්‍බුදයකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බවයි. රාජ්‍ය සේවයේ හඳුනාගත් විධායක ශ්‍රේණියේ නිලධාරීන් වෙනුවෙන් 1999 වසරේ සිට ක්‍රියාත්මක වන 22/99 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව ප්‍රවාහන පහසුකම් හෝ ඊට අදාළ දීමනා හිමිවන නමුත්, ඊට වඩා ඉහළ වෘත්තීය වගකීම් දරන සහ අදාළ සුදුසුකම් සපුරාලන විශේෂඥ වෛද්‍යවරුන්ට මෙතෙක් එම පහසුකම ලබා නොදීම බරපතළ අසාධාරණයක් බව එම සංගමය සඳහන් කරයි. බස්නාහිර පළාතේ පදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකුට යාපනය, මොනරාගල හෝ අම්පාර වැනි දුරස්ථ සහ දුෂ්කර පළාත්වල සේවයට වාර්‍තා කිරීමට සිදුවන අවස්ථාවලදී ඒ සඳහා වැයවන සම්පූර්‍ණ ප්‍රවාහන වියදම පෞද්ගලික වැටුපෙන් දැරීමට සිදුව ඇත. පවතින ඉන්ධන හා ප්‍රවාහන ගාස්තු හමුවේ ඇතැම් වෛද්‍යවරුන්ට සිය මාසික වැටුපෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ගමන් වියදම් සඳහා වැය කිරීමට සිදුව ඇති බවත්, පැය ගණනාවක් තිස්සේ රිය පැදවීමෙන් ඇතිවන කායික හා මානසික පීඩනය මාර්‍ග අනතුරු සහ ජීවිත අවදානම දක්වා වර්‍ධනය වී ඇති බවත් එම නිවේදනයේ විස්තර කර තිබේ. විදේශ රටවල පවතින අතිවිශාල වැටුප් සහ වරප්‍රසාද සහිත අවස්ථා අත්හැර මවුබිමේ සේවය තෝරාගත් විශේෂඥ වෛද්‍යවරුන් මෙවැනි තත්ත්වයන් හේතුවෙන් දැඩි ලෙස කලකිරීමට පත්වන බව GMOA සංගමය පෙන්වා දෙයි. පවතින නීතිමය හා පරිපාලන රාමුව තුළම විසඳුම් ලබාදීමට හැකියාව තිබියදීත්, ඒ සඳහා නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් දැනට මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන් විදේශ රැකියා සොයා යාමට මෙන්ම, විදේශ පුහුණුව ලබන වෛද්‍යවරුන් යළි මෙරටට නොපැමිණීමටද මෙය සෘජුව බලපාන බව ඔවුහු අනතුරු අඟවති. විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් හෝ දීමනා සැලසීම යනු හුදු පෞද්ගලික වරප්‍රසාදයක් ලබාදීමක් නොව, සමස්ත රටේම ජනතාවට සෞඛ්‍ය සේවාව අඛණ්ඩව ලබාදීම සහතික කරමින් ජාතික සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් සිදුකරන ජාතික ආයෝජනයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
Google AdSense
In-Article Ad

