FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බස් ලලිත්ගේ ගිනිඅවි කිහිපයක් සුසාන භූභූමියකින් සොයා ගැනේ

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කන්නන්ගර හෙවත් “බස් ලලිත්” ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත ගිනි අවි කිහිපයක් සොයා ගෙන තිබෙනවා. ඒ, හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබියදීයි. ඒ අනුව එම ස්ථානයේ තිබී T-56 ගිනි අවියක්, රිපීටර් වර්‍ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් සොයාගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම අපරාධ විමර්‍ශන කාර්‍යාංශයේ නිලධාරීන් විසිනුයි ඒවා සොයාගෙන ඇත්තේ. ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ලලිත් කන්නන්ගර හෙවත් “බස් ලලිත්” ගෙන් රැඳවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලීසිය පැවසුවේ. .

Google AdSense

In-Article Ad