FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල්ට දවසින් හිරබත් එපා වෙයි.. ගෙදරින් කෑම ඉල්ලයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා දිනකට පුද්ගලයන් තිදෙනෙකුට පමණක් අවස්ථාව ලබා දීමට පියවර ගෙන ඇති බවය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය 4 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

Google AdSense

In-Article Ad