
ලී මෝලක් ඉදි කිරිමට එරෙහිව උද්ගෝෂණ...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
කොටගල ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් නොමැතිව ජනාකීර්‍ණ ප්‍රදේශයක ලී මෝලක් ඉදි කිරිම නිසා ලී මෝලෙන් නැගෙන අධික ශබ්දය හමුවේ තම ජන ජීවිතයට බාධා සිදු වන බවත්, එම ස්ථානයේ ලී මෝලක් ඉදි කල හොත් විශාල පරිසර හානියක්ද සිදු වන බවයි උද්ගෝෂණයේ නිරතව සිටි ප්‍රදේශවාසීන් කියා සිටියේ. ලී මෝල ඉදි කිරිමට සැලසුම් කර ඇති ඉඩම එම වතු සමාගමට අයිති ඉඩමක් බවත්, එම ඉඩමට ආසන්නයේ කතෝලික දේවස්ථානයක් සහ හින්දු කෝවිලක්ද පිහිටි බවත්, ලී මෝල නිසා එම ආගමික ස්ථානවල පැවැත්වෙන ආගමික කටයුතුවලටද බාධාවක් සිදු වන බවයි උද්ගෝෂණයේ නිරතව සිටි හැටන් මේෆීල්ඩ් වතුයායේ ලොග්ගිල් කොටසේ පදිංචිකරුවන් කියා සිටින්නේ. අප මේ සම්බන්ධයෙන් කොටගල ප්‍රාදේශීය සභාවේ නිළධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ, ලී මෝලක් ඉදි කිරිම සදහා එම වතු සමාගම විසින් ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවත්, එම ඉල්ලුම්පත්‍රයට මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බවයි. අප මේ සම්බන්ධයෙන් එම වතුයායේ ජේෂ්ඨ සහකාර වතු අධිකාරිවරයාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියෙ තම වත්තේ වවා ඇති විශාල යූ කැලිප්ටිස් වර්‍ගයේ දැව කදන් ඉරිම සදහා ලී මෝලක් ඉදි කිරිමට අවශ්‍ය සියලුම බලපත්‍ර මේ වන විට තම වතු සමාගම විසින් ලබා ගෙන ඇති බවයි. කොටගල ප්‍රදේශයේ දේශපාලඥයන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීමක් මත මෙම ලී මෝල ඉදි කිරිමේ කටයුතු නතර කිරිමට කටයුතු කරමින් සිටින බවද එම නිළධාරියා පැවසීය. ලී මෝලක් ඉදි කිරිමට ඇතැම් පිරිස් දක්වන විරෝධය සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය මගින් දිඹුල පතන පොලිසියටද පැමිණිල්ලක් කර ඇත.
Google AdSense
In-Article Ad

